Dreams Sri Lanka

The Paradise of Butterflies!

WELLCOME

Where Little Dreams
Grow Big!

Dreams Sri Lanka Pre School is a nurturing and vibrant environment where young minds blossom. We focus on early childhood development through creative learning, play, and exploration, helping children build a strong foundation for their future. At Dreams Sri Lanka, we believe every child’s potential is limitless, and we are dedicated to guiding them as they take their first steps toward a bright and successful future.

Dreams Sri Lanka
WhatsApp Image 2024-10-17 at 15.27.45

Our Vision & Mission

අපගේ දැක්ම

යහපත් අනාගතයක් නිර්මාණය උදෙසා.

 

 

For creating a better future.

 

අපගේ මෙහෙවර

දැනුම, ආකල්ප, කුසලතා, පුරුදු සහ සෞක්‍ය සංවර්ධනය කරමින් අනාගතය උදෙසා යහපත් පුරවැසියන් බිහිකරවීම.

 

Developing good citizens for the future by developing their knowledge, attitudes, skills, habits and health.

Our Activities

අපගේ ක්‍රියාකාරකම්

  • දරුවා තුල සහජයෙන් පවත්නා සහ වැඩි දියුණු කල හැකි ශක්තීන් හදුනාගැනීම,

  • එම ශක්තීන් පුළුල් ලෙස වැඩිදියුණු කිරීම,

  • පවුල් පරිසරය තුලින් හා බාහිර සමාජය වෙතින් දරුවා කෙරෙහි බලපා ඇති දුර්වලතා හදුනාගැනීම,

  • එම ලක්ෂණ ක්‍රමිකව හා උපක්‍රමශීලි ලෙස මගහැරවීම,

  • දරුවාගේ දැණුම සහ කුසලතා, අනාගතය කෙරෙහි බලපෑම් කල හැකි පරිදි පෝෂණය කරවීම,

  • ඔහු/ඇයගේ සෞක්‍ය හා පෝෂණය පිළිබද සැලකිලිමත් වීම හා ඒ පිළිබද අවබෝධය ලබා දීම,

  • සාමාන්‍ය ජීවිතයේදී හා ඔහු/ඇය සමාජගතවීමේදී බලපෑ හැකි යහපත් පුරුදු ජනිත කරවීමට මගපෙන්වීම,

  • පෙර දැක්ම හා ඉලක්ක පිළිබදව සිතිවිලි ජනිත කරවීම, යන කරුණු තුලින්

    ඔහු/ඇය තුල ගුණාත්මක ආකල්පමය වෙනසක්ද සහිතව යහපත් පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු අනාගතය උදෙසා බිහිකිරීම…

  • Identifying the child’s innate and improvable strengths,
  • Extensive improvement of those strengths,
  • Identifying the weaknesses that have affected the child from within the family environment and from the outside society,
  • Systematically and strategically avoiding those features,
  • Nurturing the child’s knowledge and skills to influence the future,
  • Taking care and understanding about his/her health and nutrition,
  • Guidance to generate good habits that can affect him/her in normal life and socialization,
  • Thinking about the previous vision and goals, through the facts A citizen of good character with a qualitative change of attitude in him/her Creating for the future…

Our History

අපේ ඉතිහාසය.

අපේ ආයතනය 2012 වසරේ ජනවාරි මස 02 වැනි දින අමරුවන් කිංඩර්ගාර්ට්න් නමින් පටන්ගන්නේ සිඟිති දූ දරුවන් 08 දෙනෙක් ඇතුලත් කරගනිමින්. එදා ඉතාමත් අවම පහසුකම් යටතේ ආරම්භකරන ලද එහි කාර්යය මණඩලය වුනේ මුල් ගුරුතුමිය හා තවත් එක් සහාය ගුරුවරියක් පමණයි. අවම පහසුකම් මධ්‍යෙය් වුනාට, ආරම්භයේ ඉඳන්ම හැමදේම ඉතාමත් පිළිවෙලකට වගේම නිවැරදිවත් ඒ වගේම උසස්ම ආකාරයටත් සැලසුම්කර, ක්‍රියාත්මකකරන එක අපි මුල ඉඳන්ම කරපු දෙයක්. ඒ වගේම, අපේ හැම කාර්යකදීම අපි නවීන තාක්ෂණය උපරිම ආකාරයට පාවිච්චි කලා. දරුවන්ට උගන්වන්න.. විවිධ වැඩසටහන් පවත්නන්න.. අපේ ආයතනයේ ප්‍රචාරණ කටයුතුවලට.. කාර්යය මණ්ඩලයේ කුසලතා වැඩිදියුණු කරන්න.. මේ වගේ හැම දේකදිම අපි උපරිම ආකාරයට නවීන තාක්ෂණය යොදාගත්තා. ඒ වගේම අනෙක් අයගේ අදහස් හා යෝජනා සැලකිල්ලට අරගෙන, අනෙක් අයගෙ අත්දැකීම් නිරන්තරයෙන් හුවමාරු කර ගැනීමටත් අපි කටයුතු කලා.

ඒ වගේම තමයි හන්දියක් හන්දියක් ගානෙ බැනර්.. පෝස්ටර් ගහල අපි ගැන කියන්නෙ නැතුව අපි අපේ ආයතනය හොඳයිනම් තවත් කෙනෙකුට අපි ගැන කියන්න කියල අපේ දෙමවුපියන්ට කිවුවා. ඉතිං, අපි ළඟට දරුවො එවපු දෙමවුපියෝ අපි ගැන කියල තව තවත් දරුවො අපිට සම්භන්ධ කලා. ඒ විදියට 2012 වසර අවසානෙ වෙද්දි අපේ ආයතනයේ දරුවන් 26ක් ඉගෙණුම ලබමින් සිටියා. එහෙම බැලුවම අවුරුද්ද මුල එක්ක සංසන්ධනය කරද්දි අපේ ආයතනයේ දරුවන් ප්‍රමාණය 325%කින් වර්ධනය වෙලා තිබුනා. ඒ විතරක් නෙමෙයි, එදා ඉඳල මේ දක්වා දශකයකට වැඩි කාලයක් පුරාවට එකම අවුරුද්දක්වත් අපි එක්ක එකතුවෙන දරුවන් ප්‍රමාණය වැඩිවීමක් මිස අඩුවීමක් වෙලා නැති බව අපි සිහිපත් කරන්නෙ හරිම නිහතමානීව.

මොකද? අපේ ආයතනයේ සියළු ජයග්‍රහණයන් පසුපස “නාඳුනන සොල්දාදුවන්“ විශාල පිරිසක් හිටියා සහ තවමත් ඉන්නව. ඒ තමයි 2012 වසරෙ ඉඳන්ම ඉඳපු අපේ දරුවන්ගෙ දෙමවුපියන් මූලිකව, දික්වැල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ අපගේ දියුණුව පතන හිතවතුන් බොහෝ පිරිසක් ඒ “නාඳුනන සොල්දාදුවන්ගේ කණ්ඩායමට“ ඇතුලත් වෙනව.

තිරය පසුපස කණ්ඩායම වගේම අපේ ආයනයේ දියුණුවේ අනෙක් ප්‍රධානම රහස අපේ කාර්යය මණ්ඩලය. අපි එක්ක මේ තාක්කල් හිටියෙත්, ඉන්නෙත් සුපිරිම පෙර පාසල් ගුරුවරියන්. අපි අපේ ආයතනයට බඳවා ගන්නෙත් සුපිරි දක්ෂතා සහිත ගුරුරියන්වීම විශේෂත්වයක්. අපි කවදාවත් එයාලගෙ සහතිකපත්‍රවලට මුල්තැන දීල අපේ ආයතනයට බඳවා ගත්තෙ නෑ. අපි බැලුවෙ දරුවො එක්ක ප්‍රායෝගිකව එයාල කටයුතු කරන විදිය.. එයාලට නටන්න, ගයන්න, වයන්න පුළුවන්ද කියන එක.. චිත්‍ර අඳින්න, පාට කරන්න, නිර්මාණ කරන්න හැකියාව තියෙනවද කියන එක.. එයාල දරුවන්ට ඇත්තටම ආදරය කරනවද කියන එක.. මෙන්න මේ වගේ දරුවො එක්ක කටයුතු කරන්න පුළුවන් ප්‍රායෝගික චරිත තමයි අපි ගුරුවරියන් විදියට බඳව ගත්තෙ. අපි එක්ක එකතු වුනාට පස්සෙ ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා වගේ පාඨමාලා කරන්න අපි ඒ අයට නිදහස ලබා දුන්න.. ඒ බව දැනගත්තහම වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය වගේ ආයතන එයාලගෙ ඩිප්ලෝමා හදාරන අභ්‍යාසලාභීන් අපේ ආයතනයේ ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරන්න පටන් ගත්ත.. ඉතිං දැන් අපේ ආයතනය පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් පිළිගැනීමට ලක්වෙලා තිබීම අපි ලබාගත් තවත් ජයග්‍රහණයක්...

dreamssrilanka 2

12

YearsOfExcellence

The challenges we faced.

අප මුහුණදුන් අභියෝග..

අපි මෙහෙම අපේ ජයග්‍රහනයන් ගැන කතාකරා වුනාට අපිට මේ ගමන එද්දි ආපු අභියෝගත් සුළුපටු නැහැ. ඒක ඉතිං අපිට විතරක් වෙන දෙයක් නෙමෙයිනෙ?? කවුරු වුනත් අළුත් ගමනක් යද්දි එල්ලවෙන අභියෝගවලටත් එහා ගියපු කටුක වගේම අමිහිරි අත්දැකීම්වලට අපිටත් මුහුණ දෙන්න වුනා. ඒ අතරින් බරපතලම අභියෝගයට මුහුණ දෙන්න වුනේ 2016 අවුරුද්දෙ. ඒක අපි හඳුන්වන්නෙ “2016 ත්‍රස්ත ප්‍රහාරය“ කියල. 2016 අගෝස්තු නිවාඩුවෙදී.. එදා දරුවො 68 දෙනෙක් අපි ළඟ ඉගෙණුම ලබමින් ඉඳත්දි තමයි මේ ත්‍රස්ත ප්‍රහාරයට ආයතනය ලක්වුනේ. ආයතනයේ භූමිය.. අපේ ගොඩනැඟිලි.. දරුවන්ගේ පොත්පත් හා ඉගෙණුම් උපකරණ.. ඩෙස්-පුටු.. ක්‍රීඩා උපකරණ, තාක්ෂණික මෙවලම්, ආයතනයේ ලිපි ලේඛන ඇතුළු සියල්ල ම්ලේච්ඡයන් පිරිසක් විසින් අත්පත්කරගෙන විනාශ කරල තිබුන. දරුවන්ටවත්, ආයතනයටවත් කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නැති වෙන්නම. අපිට මුල ඉඳන් පටන් ගන්න සිද්ධ වුනා... අපි සසල වුනා.. ඒත් වැටුනෙ නෑ.. මොකද.. තිබූ තැනෙක සොර සතුරක් ගත නොහෙනා- උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියන කාරනාව අපේ හිත්වල තැන්පත්වෙලා තිබුනු නිසා අපිව තල්ලු කරාට අපිව වට්ටන්න බැරි බව ත්‍රස්තවාදීන් තේරුම්ගත්තෙ නෑ. එදා ගොඩක් අය අහක බලද්දි අපේ හයියට මුලින්ම ආවෙ පූජ්‍ය හොරපාවිට හේමරතන හාමුදුරුවො. උන්වහන්සේගෙ විහාරස්ථානයේ කැමති කාලයක් අපේ පෙර පාසල පවත්වාගෙන යන්න කියල අපිට කියද්දි ඒ වචන අපිව තව තවත් දිරිමත් කරා.

අපි ආයෙමත් “බින්දුවෙන් අපේ ගමන පටන්ගත්ත“

මේ විදියට ගිහිල්ල 2017 ඔක්තෝබර් 01 වෙනිද ලෝක ළමා දිනය දවසෙ තමයි අපි Dreams Kindergarten නමින් අළුත් තැනක අපේ ආයතනය පටන් ගන්නෙ. ඒ වෙද්දි අපේ ආයතනයෙ දරුවො 72ක් ඉගෙණුම ලබමින් හිටියා. අපේ කාර්යය මණ්ඩලය මුල් ගුරුතුමිය හා තවත් ගුරුවරියන් 04ක් දක්වා වර්ධනය වෙලා තිබුන. අපිට අළුත් තැනදිත් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිද්ධ වුනා. අඩුම තරමෙ අපි ඉදිකිරීම් ආරම්භ කරපු ගොඩනැඟිල්ල වටේ ආවරණය කරලවත් තිබුනෙ නෑ.. ඒ විතරක් නෙමෙයි ජල පහසුකම් නොතිබුන නිසා අසල්වැසි නිවාසවලින් ගැලුම්වලට වතුර අරන් එන්න අපේ ගුරු මණ්ඩලයට සිදුවුනා. දවල්ට රස්නෙ වෙද්දි දමන්න විදුලි පංකාවක්වත් තිබුනෙ නෑ. දරුවන්ට සෙල්ලම් කරන්න උපකරණයක්වත් තිබුනේ නෑ. පහසුකම් ඉතාම සීමිතව තමයි තිබුනෙ. කාර්ය මණ්ඩලයටත් ඒ වගේම දුශ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුනා. ඒත් අපේ කාර්ය මණ්ඩලය වගේම දෙමාපියනුත් අපිව විශ්වාස කලා. අපි කිසිවක් නැතත් අපේ දරුවන්ට නියම දේ, නියම වෙලාවට දෙන බව ඒ හැමෝම විශ්වාස කලා. හිරෝශීමා- නාගසාකි ප්‍රහාරයෙන් පස්සෙ ජපානයට සිද්ධවෙච්ච හානියෙන් අළු ගසා දමල නැඟිටපු ජපානයේ කතාන්දරය සිහිපත් කරමින් අපි ක්‍රියාත්මක වුනා. අපි ළඟ තිබුනු සීමිත සම්පත් පාවිච්චි කරමින් දරුවන් වෙනුවෙන් උපරිම හොඳ දෙයක් ලබා දීමට වෙහෙස මහන්සිය නොබලා අපි කණ්ඩායමක් විදියට කටයුතු කලා.

Our Moments

Gallery

Our Current Situation

අපගේ වර්ථමාන තත්වය

2019 පාස්කු ප්‍රහාරය හා Covid 19 වසංගතයත් එක්ක වසර 03ක් නියමිත විදියට පාසල් හා පෙර පාසල් පැවැත්වීමට අපිට හැකි වුනේ නැහැ. ඉගෙනගන්න ඕනෙ වයසෙ අපේ දරුවො වැඩිපුර හිටියෙ ගෙවල්වල. මේ වෙද්දි අපි හැමෝටම තිබුන් ලොකුම බාධාව තමයි Covid වෛරසය. ඒක අපි හැමෝගෙම ජීවිතවලට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කලා. 2020 Covid නිසා එරට වහල තියෙද්දි අපේ දරුවන් අනාථ නොකර ගෙදර වැඩ ලස්සනට මුද්‍රණය කරල, උපදෙස් පත්‍රිකාවකුත් එක්ක අඛණ්ඩව ගෙදරට යවන්න අපි කටයුතු කලා.

ඒ විතරක් නෙමෙයි, සමහර ආයතන වහල තියෙද්දිත් ගාස්තු අයකරද්දී අපි අපේ දෙමාපියන්ට ගාස්තු සහන ලබා දුන්නා. සමහර මාස වෙනුවෙන් කිසිම මුදලක් අයකලෙත් නෑ. අපේ ගුරුවරියන්ට මාස ගණන් වැටුප් නැතුව වැඩ කරන්න සිද්ධ වුනා. ඒත් අපි ඒ දුශ්කරතාවය දරුවන් වෙනුවෙන් ඉවසා දරාගත්ත. 2021 Covid රැල්ලත් සමඟම “සිහින පෙන්වන මොන්ටිසෝරිය“ නමින් අපි අපේ Online පෙර පාසල ආරම්භ කලේ අපේ යහගුණය ලංකාවේම දරුවන් වෙනුවෙන් ලබාදීමේ අරමුණින්. මුල් අවස්ථාවේදී කුඩා ගාස්තුවක් අයකර පංතිය පැවැත්වීම අපේක්ෂාව වුනත්, පසුව එම අදහස වෙනස්කර පෙර පාසල් වයසේ ඕනෑම දරුවකුට නොමිලයේ සම්බන්ධ වෙන්න පුළුවන් විදියට අපි Online පංතිය පුළුල් කරා. ඒත් එක්කම අපගේ ආයතනික නාමය Dreams Sri Lanka නමින් නැවතත් නව්‍යකරණය වුනා.

සමහර අයනම් මේ දේවල් හොඳින් දන්නව ඇති. ඒ වගේම, Covid පළවෙනි හා දෙවනි රැළිවලින් පසු පෙර පාසල් පවත්වද්දි අපි දරුවන් වෙනුවෙන් ඉහලම සෞඛ්‍යාරක්ෂක ක්‍රම භාවිතා කරා. අපේ පරිශ්‍රෙය් කිසිදු ආසාධිතයෙකු ඇති නොවන අයුරින් අපි සෞක්‍යාරක්ෂක වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන ගියා.

මොන මොන විදියෙ බාධක අභියෝග ආවත් අපි ඉදිරියට යන ගමන නවත්වන්නෙ නෑ කියන අධිෂ්ඨානය නිසා දැන් අපේ මීළඟ ප්‍රෙව්ශයේ අපගේ සිහින ගොඩනැඟිල්ලේ ඉදිකරීම් ආරම්භ කරන එක. අපි ඉතා නුදුරේදීම ඒ කටයුතුත්තත් ආරම්භ කරනවා. ඉතිං, ඒ සිහින ගොඩනැඟිල්ල ඇතුලෙදි ඔබගේ දරුවාගේ පෙර ළමාවිය සංවර්ධනයට අවශ්‍ය හැම දෙයක්ම උපරිමයෙන් තියේවි. ඔබගේ දරුවාගේ ආරක්ෂාව හා රැකවරණය තව තවත් තහවුරු වේවි. අති නවීනතම තාක්ෂණය භාවිතයට ගනීවි. දරුවන්ට රිසිසේ සෙල්ලම් කරන්න පුළුවන් ලස්සන ක්‍රීඩා උපකරණ සැකසේවි. වෙනද වගේම සිංහල- ඉංග්‍රීසි හා දෙමළ භාෂා 03න් දරුවන්හට ඉගෙණුම් කටයුතු සිදු කරාවි. ඒ හැමදේකටමත් වඩා ඔබ වගේම ආදරෙන් අපගේ ගුරුවරියන් ඔබගේ දරුවා රැක බලා ගනීවි. ඔවුන්ට මිනිසෙකු වශයෙන් හෙට ලොව ජයගන්නට මාර්ගය පෙන්වා දේවි.

OUR TEACHERS

Our Team

Roshanee Rathnayake ( Head of Dreams Sri Lanka)

Roshanee Rathnayake

Head of Dreams Sri Lanka
Lakmal Galappaththi (C0ordinator) 2

Lakmal Galappaththi

Coordinator
dreamssrilanka

Nimni Thushara

OIC (KG01)
Shani Minosha (OIC KG02)

Shani Minosha

OIC (KG02)
Shakila Nelum ( OIC Child Care)

Shakila Nelum

OIC (Child Care)
Nipuni Kavindi (Dancing Instructor)

Nipuni Kavindi

Dancing Instructor
Sasini Shanuka ( Arts & Crafts Instructor)

Sasini Shanuka

Arts & Crafts Instructor
Chamali Dilsha ( Trainee)

Chamali Dilsha

Trainee
Hasindi Chamodya ( Trainee)

Hasindi Chamodya

Trainee

CONTACT US

Get in touch

+94 70 557 1000


info@dreamssrilanka.com


Dreams Sri Lanka,
01st Lane, Dickwella.


Monday – Saturday 07.30 – 14.30